අපි කවුරුත් දන්නවා ms Word කියන්නේ කුමක්දැයි කියා.එහෙත් අපි ඒකෙන් කරන වැඩ ( ලිපියක් සකස් කිරීම වගේ දේවල් ) සිංහල භාශාවෙන් කිරීමේදී තමයි මේ ගැටලුව මතුවන්නේ.
ඉතින් වැඩි කතා නැතුව මම වැඩේ පටන් ගන්නම්. අපි ගෙදර හෝ යම් කිසි තැනක පරිගනකයකින් සකස් කරන ලිපියක් ( සිංහල භාශාවෙන් ) අවසානයේ පිටපතක් ( Print Out ) එකක් ගන්න ඔන වෙලාවට අපි ලඟ ප්‍රින්ටර් එකක් නැති අවස්ථාවක හෝ තිබෙන ප්‍රින්ටර් එක වැඩ නොකරන අවස්ථාවක අපිට සිද්ද වෙනව ඒ ලිපිය සංයුක්ත තැටිවක හෝ පෙන් ඩ්‍රයිව් එකකට කොපි කරගෙන ප්‍රින්ට් මැෂින් එකක් තිබෙන තැනකට ගෙන යාමට.
ඉතින් ඒ වෙලාවට සමහර විට අපි ලිපිය සකස් කිරීමට භාවිතා කල සිංහල අකුරු ඒ ස්ථානයේ පරිගණකයේ නොතිබෙන අවස්ථාවන් වලදී අපි සකස් කල ලිපිය අපට අවශ්‍ය විදියට නොපෙනෙන වෙලාවන් තිබෙනවා. ඒ වෙලාවට තමයි ඉතින් මල පනිනවා කියන්නෙ. ඉතින් ඒ ප්‍රශ්නෙට මෙන්න මේ විදියට අපි අනුගමනය කලා නම් අපි ප්‍රින්ට් අවුට් එක ගන්න පරිගණකයේ සිංහල අකුරු තිබුනත් නැතත් අපි සකස් කල අයුරින්ම ලබාගන්නට පුලුවනි.
save as > Tools > Save Options > තේරීමෙන් ලැපබන window එකේ අනිකුත් විකල්පයන් එසේම තිබියදී Embed fonts in the file විකල්බයට හරි ලකුණ යොදා ඒ යටතේ ඇති Do not embed common system fonts කියන විකල්පය ට පමණක් හරි ලකුණක් යොදන්න.
ඉන් පසු ok කර කැමති තැනකට save කර ඕනම කැනකින් ප්‍රින්ට් අවුට් අරගන්න කිසිම කරදරයකින් තොරව.